ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ "අන්තර්කාලීන ආණ්ඩුව": කැබිනට්ටුවට ඇමතිවරුන් 16ක්
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද (නොවැම්බර් 22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.
අගමැති මහින්ද රාජපක්ෂත් සමග කැබිනට් ඇමතිවරුන් 16ක් එහිදී දිව්රුම් දුන්හ.
කැබිනට් අමාත්‍යවරුන් පිරිසට අමතරව රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ලබන සඳුදා දිනය වන විට පත්කරන බව එහිදී කතා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.
ව්‍යවස්ථාව අනුව තමන්ට ලැබෙන ප්‍රථම අවස්ථාවේදීම මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
පෙබරවාරි මාසය අවසානයේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිවන අතර ඒ අනුව අප්‍රේල් මස අවසානයේ හෝ මැයි මස මුල පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇත. එතෙක් මෙම කැබිනට් මණ්ඩලය මගින් භාරකාර රජයක් ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
අද දිවුරුම්දුන් කැබිනට් අමාත්‍යවරුන්.
01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය
02. නිමල් සිරිපාල ද සිල්වා - අධිකරණ, මානව හිමිකම් සහ නිති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
03. ආරුමුගම් තොණ්ඩමන් - ප්‍රජා සවිබල ගැන්විම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය
04. දිනේෂ් ගුණවර්ධන - විදේශ සබන්ධතා, නිපුණතා සහ රැකිරක්ෂා අමාත්‍ය
05. ඩග්ලස් දේවානන්ද - ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය
06. පවිත්‍රා වන්නිආරච්ච් - කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය
07. බන්දුල ගුණවර්ධන - තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය
08. ජනක බණ්ඩාර තෙන්නකොන් - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
09. චමල් රාජපක්ෂ - මහවැලි, කෘෂි කටයුතු සංවර්ධන හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය
10. ඩලස් අලහප්පෙරුම - අධ්‍යාපන හා ක්‍රිඩා තරුණ කටයුතු අමාත්‍ය
11. ජොන්ස්ටන් ප්‍රනාන්දු - මාර්ග සහ මහ මාර්ග වරාය සහ නාවික කටයුතු අමාත්‍ය
12. විමල් විරවංශ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකාරණ අමාත්‍ය
13. මහින්ද අමරවිර - විදුලිබල හා බල ශක්ති සහ මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය
14. එස්.එම්. චන්ද්‍රසේන - පරිසර සහ වනජිවි සම්පත් සහ ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය
15. රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය
16. ප්‍රසන්න රණතුංග - සංචාරක සහ ගුවන් සේවා/කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
තවත් තොරතුරු: